මේ වගේ සමාජයක මිනිස්
වටිනාකම් ගැන කතා කරන්න ගියාම මිනිස්සු ඒක තේරුම්ගන්න ප්රමාණය දැක්කම දේවල්
තිත්තම තිත්ත වෙනව. කැමූ මේ පොතේ කියන්නෙ එහෙම අත්දැකීමක් ගැන.
පොත පදනම් වෙලා තියෙන්නෙ
සිසිෆස් පිලිබද ග්රීක පුරාණෝක්තිය මත. සිසිෆස් කියන්නෙ ඉෆ්රියා කියන නගරයෙ
රජ්ජුරුවො. එයා දෙවිවරු ගණන් නොගැනීම නිසා දෙවිවරු එයාට දඩුවමක් දෙනව. දඩුවම තමයි ලොකු
ගලක් නිරතුරුවම කන්දක් මුදුනට තල්ලු කරගෙන යාම. ලොකු වෙහෙසක් දරල ගල තල්ලු කරගෙන
කන්ද මුදුනට යන හැම සැරේම ගල පල්ලෙහාට පෙරලෙනව. ඉතින් සිසිෆස්ට ආයෙත් සිද්ධ වෙනව
කන්ද පල්ලෙහාට ඇවිල්ල ආයෙත් ගල තල්ලු කරගෙන යන්න. මේ නිෂ්ඵල වැඩේ දිගටම කරගෙන යන
එක තමයි දඩුවම.
වෛරයයි, යුද්දයි, රටේ
නැති අවුල් ජාලාවලයි පැටලිලා තියන වර්තමාන සමාජය ඇතුලෙ මිනිස් වටිනාකම් හොයන්න යන
එකත් සිසිෆස් අර ගල තල්ලු කරනව වගේ නිෂ්ඵල වැඩක් බව කැමූ කියනව. නමුත් ඔහු පොත
අවසන් කරන්නෙ මෙහෙම කියමින්.
“උසස් ප්රාර්ථනා මුදුන්
පමුණුවා ගැනීමට කරන අරගලයම මිනිස් හදවත පුරවා දැමීමට ප්රමාණවත්ය. සිතිය යුතු
වන්නේ සිසිෆස් ද (ඔහුගේ කාර්යයේ දී) සතුටින් ඉන්නවා ඇතිය කියාය“
